තරු වළල්ල

අනුන්ගේ හුනියම් තමන්ට කැවීම.....


පසුගිය දිනක අමුතුම අකාරයේ අත්දකීමකට මුහුණ දෙන්නට සිදුවුණා. මෙය බොහෝ දෙනෙක්ට නොවැටහෙන කාරණයක් වේවි. නමුත් තමන්ටත් මෙවැනි සිදුවීම් සිදුවී ඇත්නම් යලි යලිත් සිතා බලන්නට මෙය අවස්ථාවක් වේවි….

ආශ‍්‍රමයට ආසන්නයේ පිහිටි එක් කඩයකින් සමහර අවස්ථාවන්වලදි රාත‍්‍රී අහාරය සදහා ඉදිආප්ප රුගෙන එනු ලබනවා..

මාස කිහිපයක සිටම මේසේ වරින් වර රුගෙන ආවත් බොහෝ අවස්ථාවන් වලදි කුමන හෝ හේතුවක් මත එදිනට එම ඉදිආප්ප කිසිවෙකුට කන්න අවස්ථාව උදා වෙන්නේ නෑ….

ඉතින් පසුදාට ඒ සියල්ලම විසිකර දමන්නට සිදු වෙනවා…..

ඇයි මේහෙම සිදු වෙන්නේ කියන ගැටලූව දිගින් දිගමට මතුවුණත් පසුදාට එය අමතකව යනවා.

නමුත් පසුගිය දිනක රාත‍්‍රීයේ යලිත් ඉදිආප්ප රුගෙන ආවා.

එදිනත් රාත‍්‍රී ආහාරය උදෙසා කිසිවෙකු තුළ උනන්දුවක් පැවතියේ නෑ.

නොකාම නින්දට යන්න හදන විට එදින මේ ගැටලූව කුමක්ද කියා සොයා බලන්නට සිතුනා….

මුලින්ම මා ඒ ආහාර වල සුභ අසුභ ශක්තිය මනිනු ලැබුවා.

ආහාරයක් හැම විටම සුභ විය යුතුයි. අසුභ යැයි පෙන්වන්නේ නම් එය ගැටලූවක්…. කෙසේ හෝ මේ ඉදිඅප්ප අසුභ බව පෙන්වන්නට වුණා…

ඉන්පසු මා එහි අසුභ තත්වය කොපමණදැයි බැලූවා.

සෘණ 275 ……. එය ඉතා අධික අසුභ තත්වයක්….

මෙවන් අගයක් දක්වන්නටනම් ඒ ආහාර නරක් වී පැවතිය යුතුයි.. නමුත් එලෙස වී තිබුනේ නෑ… අපි රුගෙන එන විටම තමයි ඔහුන් ඒවා සාදා දුන්නේ…

ඉන්පසු මා භාවනාව තුළින් මෙහි ගැටලූව සොයන්න පටන් ගත්තා.

මේ ඉදිආප්ප තුළ තියෙන්නේ ඔහුනගේ කඩයට කල ප‍්‍රබල හදිහුනියමක බලපෑමක් බව මා දුටුවා….

ඒ තුළ නිපදවන ආහාර අසුභ කරන්නට තරම් එය ප‍්‍රබලයි…

ගැටලූව එය නොවෙයි. ආශ‍්‍රමය තුළ හා ආධ්‍යත්මික තත්වයන් තුළදි එය අපේ ශරිරයට ඇතුලිවීමට විශ්වය අවස්ථාව ලබා නොදෙන නිසා ආහාරය වලක්වනවා. නමුත් මෙය රුගෙන යන සාමාන්‍ය මිනිසුන් මෙවා ආහාරයට ගන්නවා.

දිගින් දිගටම එ ස්ථානයෙන් ඉදිඅප්ප අරගෙන කන කෙනෙක්නම් විශාල ගැටලූවකට මැදි වෙනවා…..

තමන්ගේ නිවසට රුගෙන එන ආහාර සතුටින් කන්නට අවස්ථාව උදාවනවාද කියා හොදින් හිතන්න.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close