තරු වළල්ල

ජයග‍්‍රහණයේ සැබෑ අරුත

ගොඩක් අයට වරදින දේ තමයි යමෙක් කියන්නන් වාලේ දෙයක් කීම.. ෆේස්බුක් එක තුළ නම් එක බහුලවම වෙනවා.

බුදු දහම ගැන ජෝතිෂ්‍ය ගැන කරන විවේචන වලට ගොඩක්ම මේ තත්ත්වය හේතු වෙනවා. යමෙක් කියූ පලියට එහි පදනම නොදැන දිගින් දිගටම ඒ ගැන තර්ක කරනවා.

බුදු දහම තුල ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා.

එකක් ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් වූ මාර්ගය.

දෙවැන්න ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා පදනම සකස් කර ගත යුතු භෞතික සංවර්ධනය ඉලක්ක වූ මාර්ගය.

මෙම මාර්ග දෙක හොඳින් අවබෝධ කර ගත්තොත් භෞතික සංවර්ධනය හා ආධ්‍යාත්මික සංවර්ධනය කියන දෙකම දිනාගන්න පුළුවන්…

හැබැයි බොහෝ අය කරන්නේ තර්ක කිරීමක් පමණයි. කිසිවෙක් ඒ මාර්ග දෙකෙන් එකකවත් ගමන් කරන්න උත්සාහ කරන්නේ නැහැ.

කෙනෙක්ට කියන්න පුළුවන් නැහැ අපි දියුණු වෙනවා කියන එක.. දියුණුවෙන් නෑ කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියන එක.. හැබැයි අපි දන්නවා සල්ලි තිබ්බ කියලා විඳවීම නැති වෙන්නෙ නෑ කියලා… භෞතික සංවර්ධනය තුළත් සාර්ථක වෙන්න නම් ඒ තුළ විඳවීම නැති විය යුතුයි.

යමෙක් මිනිස් භවයක් ලබනවා නම් ඒ ලබන්නේ මිදවීම උදෙසාම පමණයි කියන එක අවබෝධ කරගත යුතුයි. එවන් පසුබිමක දොළොස් ආකාර වූ ජීවිතයේ සියලු පැතිකඩවල් තුළින් විඳීම කියන කාරණාව කිසිම විදියකින් නිර්මාණය වෙන්නේ නැහැ.

මෙම දොළොස් ආකාර වූ ස්වභාවය සරලව පැහැදිලි කළහොත්

බලය , පවුල , මුලපිරීම , සතුට , දරුවන් , නෑ හිතවතුන් , විවාහය , අවමාන , උරුමයන් , රුකියාව , ආධායම හා වියදමයි.

කොතරම් තමන් සාර්ථක යැයි සිතුවත් මෙම පැතිකඩයන් දොළසම සමබර කිරීම පහසු නැත. අපහසු වීමට වඩා අප උප්පත්තිය ලබනුයේ මෙම කරුණු තුළින් පීඩා විඳීම උදෙසාය.

කර්මානුරූපී ණය ගෙවීම ඉලක්ක වනුයේ මෙම කරුණු දොළස තුලටය.

ඉන් කුමන පැති කඩයක හෝ විදවීම නිර්මාණය වනවා. ගුරුවරයකු විසින් අවබෝධ කර දෙන්නේ මෙන්න මේ දොළොස් ආකාර වූ පැතිකඩයන් තුළ තමන්ට විඳවීම නිර්මාණය වී ඇති තැන් පිළිබඳවයි.

යමෙක් නියමාකාරයෙන්ම භෞතික සංවර්ධනය තුළ සාර්ථකයි කියන්නට නම් මෙම දොළොස් ආකාරයන් තුළම විඳවීමක් නොමැති විය යුතුයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x