කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක් කළ හැකිද?
බුදුහිමියන් විසින් ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කරන බවට තර්ක කරන උගතුන් ඒ සඳහා ඉදිරිපත් කරන ගාථාවක් තිබේ. එය ජාතකපාලියේ නක්‌ඛන්ත ජාතකයේ සඳහන් ගාථාවකි. ඒ මෙසේය.
නක්‌ඛත්තං පතිමානෙත්තං
අත්ථෝ බාලං උපච්ජගා
අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
කිං කරිස්‌සන්ති තාරකා”
“කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක් කළ හැකිද?” යනු මෙහි සරල අදහසයි. එහෙත් මෙම ගාථාවට පාදක වූ කතාව විමසා බලා මේ පිළිබඳව තීරණය කළ යුතුය. කතාව මෙසේය. මනාලියක් කැඳවාගෙන ඒම සඳහා එක්‌තරා තරුණයෙකු නැකත් බලයි.
ඒ සඳහා දිනයක් නියම කර ගනී. එහෙත් මේ නැකත් දිනය පිළිබඳව වඩාත් විශ්වාසය තහවුරු කරගනු පිණිස මෙම තරුණයා තවත් නැකත් කරුවකු හමුවී විමසයි. පළමුවෙන් තමන් හමුනොවී වෙනත් කෙනෙකුගෙන් නැකත බැලීම ගැන ඊර්ෂ්‍යාවෙන් පෙළුනු දෙවැනි නැකත්කරුවා කියන්නේ මෙම දිනය සුදුසු නැති බවයි. ඒ වෙනුවට පසු කාලයක එළඹෙන දිනයක් නියම කරයි.
ඒ අනුව දිනය කල් දැමූ තරුණයා පසුව යන විට එම තරුණිය වෙනත් තරුණයකු හා විවාහ වූ බව දැන ගනී. මේ කතාව අසන අප මහ බෝසතාණෝ ඉහත ගාථාව පවසා තිබේ. නක්‌ඛන්ත ජාතකයේ එන මේ සිදුවීම මෙකල වුවද සිදුවීමට ඉඩ තිබේ. මේ කතාව මගින් ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කර නොමැත.
ධර්මයේ තිරස්‌චීන විද්‍යා ලෙස හඳුන්වා ඇත්තේ මොනවාට දැයි විමසා බලමු.
දීඝ නිකායේ ශීලස්‌ඛන්ධ වග්ග නම් කොටසේ ශ්‍රමාන්‍යඵල සූත්‍රයේ මේ පිළිබඳව සවිස්‌තරව සඳහන් වන්නේය. පැවිදි වූ කෙනෙකු ආරක්‍ෂා කරන සිල් ගැන පියවරෙන් පියවර එහි සඳහන්ය. පංචශීලයේ සිට චූල ශීල, මධ්‍යශීල, මහාශීල වශයෙන් ඒවා විස්‌තර කරන විට නැකත් බැලීම, සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ ආදිය ගැන කීම මෙන්ම විවිධ පලාපල හා නිමිති කීම වැනි තිරශ්චීන විද්‍යා වලින් ශ්‍රමණයින් වහන්සේලා වළකින බව මෙම සූත්‍රයේ සඳහන්ය.
මේ බව දකින සමහරු බුදු දහමින් ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කර ඇති බවට තර්ක කරති.
සියලු දුක් කෙළවර කර නිවන් අවබෝධ කර ගැනීමට මග පෙන්වීම බුදු දහමේ පරමාර්ථයයි. ආර්ථික විද්‍යාව, ජීව විද්‍යාව, දේශපාලන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව මෙන්ම ජ්‍යෙdතිෂ විද්‍යාවද යොදා ගන්නේ මිනිසුන්ගේ එදිනෙදා ගැටලු විස¹ ගැනීම පිණිසය. නිවන සඳහා නොවේ. මෙය පටලවා නොගත යුතුය.
එකල අධ්‍යාපනයට විෂයයන් 64 ක් ඉගැන්වූ බව සඳහන් වේ. චතුෂෂ්ටි කලා හෙවත් සිවාසැට කලා නමින් හැඳින්වූ මෙම විෂයයන් අතර ගණිතය, ඉතිහාසය, ව්‍යාකරණ මෙන්ම ජ්‍යෙdතිෂයද ඇතුළත් විය. සිදුහත් කුමරුන්ද විෂයයන් මනාව ප්‍රගුණ කල බව නිසැකය.
විෂයම ඊටය හේතුව පූර්ව කර්ම බව බුදු දහම අවධාරණය කරයි. ජ්‍යෙdතිෂය පදනම් වී ඇත්තේ ද කර්ම විපාක මතය. කේන්ද්‍රය යනු (හඳහන) ඔහු හෝ ඇය කරන ලද පෙරකර්ම විස්‌තර කළ හැකි කැඩපතයි. පලාපල කීම යනු කුශාලාකුශල කර්ම විපාත දෙන කාලය විස්‌තර කිරීමයි.
නැකත යනු පාපය දුරු කිරීමයි. නැකත් සෑදීම යනු කුශල කර්ම විපාක බලවත් වන කාලය ගණනය කිරීමයි. පෙර හා පසු ආත්ම නැකත ඉපදීම ගැනද ජන්ම පත්‍රය පෙන්වා දෙයි.
මට කියන්නට ඇත්තේ එකම එක කරුණකි….
බලංගොඩ ආනන්ද මෛත‍්‍රී නාහිමි යනු වන්දනිය පුජනීය යම් ඵලයන්ට එලඹියැයි බොහෝ දෙන පවසන හිමි නමකි. හරබර මෙන්ම දුර්ලභ වු ජ්‍යොතිෂ සිද්දාන්ත සහිත බොහෝ පොත් උන්වහන්සේ විසින් අවස්න කාලයේදි ලියා පලකරන ලද්දේය…….
ඒ ජ්‍යෙතිෂයේ හරය උන්වහන්සේ අවබෝධ කොටගත් නිසාය…..
උන්වහන්සේ ඒ ආත්මයේම නිවන් නොලබන බව ප‍්‍රසිද්දියේම කියුනිසා උන්වහන්සේ කුහක නොවී ජ්‍යොතිෂය පිලිගත්තේය.
නමට පමණක් බෞද්ධ බොහෝ දෙන මේ ආත්මයේම නිවන් දකින හෙයින් ජ්‍යොතිෂය ප‍්‍රසිද්ධියේ තිරස්චීනයැයි ප‍්‍රසිද්ද කොට උදේ පාන්දර හොර රහසේ ජ්‍යොතිෂවේදින්ගේ කාර්යාල තුළට රිංගති.
දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74