තරු වළල්ල

කරන කලට පව් මිහිරිය මී සේ ...

ආශ‍්‍රමයෙන් නැතිනම් දීක්ෂා ගුරුවරයෙක්ගෙන් සිදුකෙරෙන ප‍්‍රධානම කාර්යය වනුයේ තමන්ගේ පෙර කර්මය නැත්තම් පෙර ආත්මයේ කල දේවල් පිලිබදව හා ඒ තුළින් මේ ආත්මය පුරා විදවීම පැහැදිලි කර දීම.

බුදු දහමේ මුලික හරයත් මෙයමයි කිව්වොත් එහි වරදක් නෑ. කර්මය සහ එලය…..

මම කියන්න යන්නේ වෙනස් කථාවක් …

අපි කර්මය සහ විදවීම ගැන අහලා තියෙන විදියෙන්ම නොවෙයි කි‍්‍රයාත්මක වෙන්නේ ඒ කියන්නේ යමෙක් අම්මට ගැහුවා කියලා ඊලග ආත්මෙදි තමන් අම්මාකෙනෙක් වෙලා පුතාගෙන් ගුටි කනවම නොවෙයි. මේ ආත්මයේදි තමන්ට දරුවන් නොලැබීම හෝ විවාහයක් නොවීම කියන තැනින් ඒ විදවීම නිර්මාණය වෙන්න පුලූවන්…..

හැබැයි සමහර අවස්ථා වලදි එකම වරද ඒ අයුරින්ම දඩුවම උදෙසා නිර්මාණය වන අවස්ථා මට හමුවි තියෙනවා. ගොඩක්ම මෙලෙෂ වෙන්නේ ලිංගිකත්වය පදනම් කරගෙන ඇති කරපු පිඩා වලදී…

මේ එවන් අත්දැකීමක්….

ගිය සතියේ ආශ‍්‍රමයට එක් තරුණියක් පැමිණියා. ඒ ඇයගේ පෙර කර්මයන් හා විදවීම අවබෝධ කර ගැනීම උදෙසා. ඇය ඉහල සමාජයක පෙනුමක් ආරෝපණය කර ගනීම උදෙසා අද තරුණියන් කරණු ලබන අමතර දේවල් බොහොමයක් තමනගේ සිරුරට එක්කොටගෙන තිබුණා. ආශ‍්‍රමයට ඇතුලූවෙන විට තම සිරුරේ ඇදි සිතුවම් වසා ගන්නට රෙදි පෙරවන්නටත් ඇයට සිදුවෙලා. එය මෙම සිදුවීමට යම් සබදතාවයක් ඇති නිසා එය කිව යුතුයි කියා මා සිතනවා.

ඉතිං මා සුපුරුදු ලෙස ඇගේ ආසන්නතම මිනිස් ආත්මයන් තුළින් මේ ආත්මයට රුගෙන ආ කර්මයන් කියන්නට වුණා.
ඔබ පෙර ආත්මයේ පිරිමි කෙනෙක් …. ඔබ ඔබේ යටතේ සේවය කල තරුණියක්ව තමන්ගේ බලය ආවේගය පදනම් කරගනිමින් ඇයව අනියම් සබදතාවයක් කරා පෙළඹවා ගනු ලබනවා. මේ හේතුවෙන්ම ඇයගේ දේමාපියන් ඇයව පවුලෙන් දුරස්කරනු ලබනවා. ඇය අවසානයේ සමාජ අවමානයට ලක්වන ආකාරයේ චරිතයක් බවට පත් වනවා. අවසානයේදි දරුවෙක් සමගම ඇයව අතහැර දමනවා. ඉන් පසු ඇය සමාජයේ අසම්මතයි කියන ආකාරයෙන් ජිවත් වීම උදෙසා මුදල් උපයා ගැනීමට පෙළඹෙනවා…..

මෙන්න මේ සිදුවීම මුල් කර ගනිමින් එම තරුණිය වෙතින් අවස්ථා කිහිපයකදීම විවිධ තත්වයන් තුල සාප ඇතිවෙනවා. මෙම සාප උදෙසා මේ ආත්මයේදි නිශ්චිතවම දඩුවම් විදිය යුතුයි.

එම දඩුවම උදෙසා ක‍්‍රීයාත්මක වීම උදෙසා වීශ්වය ඇතිකරනු ලබන මුල්ම බලපෑම වනුයේ පුරුෂ ආත්මයක් ලෙස සිටි තමන්ව ස්ත‍්‍රී ආත්මයක් බවට පත් කිරීම. දෙවැන්න රූපය යහපත් කිරීම. මෙන්න මේ සිදුවීම් දෙක මුල්කර ගනිමින් තමන්ගේ සමස්ථ ජිවිතයම දඩුවමක් බවට පත් වීම සිදු වෙනවා.

මට ඉතුරු ටික කියා නිමකරන්නට ලැබුණේ නැහැ…… ඇය අඩන්නට පටන් ගත්තා….

මහත්තයෝ මම ගිය ආත්මයේ කරා කියන ටික මේ ආත්මෙදි මම අකුරක් නෑර අත් වින්දා. අද මට වෙන්න කියලා දෙයක් ඉතිරි වෙලා නෑ. මම අද අතින් අතට යන සෙල්ලම් බඩුවක් වගේ වෙලා. මට කියලා ගෙයක් නෑදැයෙක් අම්මෙක් තාත්තෙක් නෑ. මමයි පුතයි විතරක් තනිවෙලා.

මොකද්ද ඔබට සිද්ධ වුනේ…..

මම උසස් පෙළ කරපු ගමන් …… ආයතනයට වැඩට ආවා. මාව තෝරගත්තේ පෞද්ගලික ලේකම් විදියට… මට පුදුම සතුටක් දැනුණා. මට පස්සේ තමයි තේරුණේ මිනිහට ඔනේ වෙලා තිබුනේ ලේකම් කෙනෙක් නොවෙයි පොඩි කෙල්ලෙක්ව….. කොහොම හරි අවුරුදු දෙකක් මිනිහා මාව හීන ලෝකේක තියන් හිටියා. අපේ ගෙවල් පවා දැනගෙන මට රුකියාවෙන් නවතින්න කිව්වම ඒ මිනිහා මට කාමරයක් අරන් දුන්නා… එදා මම අම්මලාව අතහැරලා දාලා පිටවුනේ මගේ විනාසෙට කියන එක අදයි තේරෙන්නේ….
අවුරුදු දෙකකට පස්සේ මිනිහා මාව මැනේජර් කෙනෙක් කරලා දුර බ්රාන්ච් එකකට දාලා අලූත් පොඩි ප‍්‍රයිවට් සේකට්රි කෙනෙක්ව ගත්තා.

මිනිහා මාව තියාගන්ඩ උත්සහ කලේ මාසේකට සැරයක් බ්රාන්ච් එකට ආවම රැ ගත කරලා යන්න විතරයි….

අද මට දරුවෙක් ඉන්නවා…. මාව බොරු වරදක් දාලා රස්සාවෙන් අයින් කලා…. එකට හේතුව මෙච්චර කල් වෙලා තියෙන්නෙත් එයමයි….

ඔය සිදුවීම දන්න අයගෙන් මට බේරිල්ලකුත් නෑ….

……………………………………………………………………………………………………………

මා මෙතනින් එහාට සිදුවීම නොලිවිය යුතුයැයි සිතමි.

මට කියන්නට අවශ්‍ය වුයේ පෙර ආත්මයේ ඇය පිරිමියෙකු ලෙස කල වරදට ලක්වු තරුණියගේ සාපය මතින් ඇය මේ ආත්මයේදි ඒ තරුණිය අත් විදි දෙයම අත්විද ඇති බවය.

ක‍්‍රීෂ්ණා වරෙක මෙසේ කියා ඇත .

පරමාත්මීය වු ගුරු විසින් තම කර්මය නම් අදුරු මල්ල ලිහා පෙන්වන්නේද එයින්ම කර්මයේ විදවීම පහව යන්නේය.

මාද එසේ සිතමි.

දීක්ෂා ගුරු
වෛදීක ජ්‍යොතිෂවේදී
වාස්තු උපදේශක
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close