තරු වළල්ල

ඔබටත් ශනි භිතිකාවද ?

ශනි නැතහොත් සෙනසුරු පිළිබඳ සමාජය තුළ ඇත්තේ ඉතා බියකි. ජ්‍යොතිර්වේදියකු වෙත කේන්දරයක් ගෙන යන අයකුට තමාට සෙනසුරු මහා දශාව ලබා ඇතැයි හෝ ශනි ඒරාෂ්ඨකයක් ලබා ඇතැයි යන්න පැවැසූ සැනින් දැඩි කැලඹීමකට පත් වෙයි.
මෙයට හේතු වනුයේ ලංකාවේ ජ්‍යොතිර්වේදීන් විසින් ශනි නැතහොත් සෙනසුරු පිළිබඳ මවනු ලබන චිත‍්‍රයයි.

දඩුවම් දෙන, අතපය කඩන, රැකියා නැති කරන අශුභකාරී ග‍්‍රහයකු ලෙස ශනිව බොහෝ ජ්‍යොතිෂවේදීහු පෙන්වා දෙති. මෙය සත්‍යයක් ද? මෙහි පවතින යථාර්ථය කුමක් ද? මෙය තේරුම් ගැනීමට උත්සහ කරමු.

ශනි ලෙස හඳුන්වන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයේ සූර්යයාගේ සිට හයවෙනි ග‍්‍රහයා වන සෙනසුරු ග‍්‍රහයායි.

සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් දෙවැනි විශාලත ම ග‍්‍රහයා වනුයේ ද සෙනසුරුයි. සෙනසුරු යනු දැඩි සීතලකින් යුතු ග‍්‍රහයෙකි. එසේ ම චන්ද්‍රයන් 62ක් පිරිවරා සිටින අතර දුහුවිලි වළලූ නවයක් ද ග‍්‍රහලොව වටා පවතියි. ග‍්‍රහලොව පිරී පවතිනුයේ හයිඩ‍්‍රජන් හා හීලියම් යන විෂ වායුන්ගෙනි. හිමින් ම ගමන් කරන ග‍්‍රහයා ලෙස සැලකෙන්නේ ද ශනි ග‍්‍රහයා ය. සූර්යයා වටා එක් වටයක් ගමන් කිරීමට පෘථිවි වර්ෂ 30ක් ගත වෙයි. ඒ අනුව එක් අංශකයක් ගමන් කිරීමට පෘථිවි පැය 9ක් ගත වෙයි.

වෛදික ජ්‍යොතිෂයට අනුව ශනි යනු සූර්යයාගේ පුත‍්‍රයා ය. ඡුායා යනු ඔහුගේ මවයි. ශනිගේ සහෝදරයා වනුයේ යමරාජ් ය. සොයුරිය යමුණා ය. ශනිගේ ශරීර වර්ණය වන්නේ ඉන්ද්‍රනීලයයි. නිල මාණ්ඩලයේ (බ්ලූ සෆාය* පැහැයයි. ශනිගේ බිරිඳ වන තේජස්වී විසින් කරන ලද සාපයක් හේතුවෙන් ශනිගේ බැල්මට ලක් වන සියල්ලන් විනාශ වී යන බව සැලකෙයි.

වෛදික ජ්‍යොතිෂයේ ශනි හඳුන්වනු ලබන්නේ පූර්ව ආත්මීය කර්ම උදෙසා එළිපිට ද`ඩුවම් දෙන්නා ලෙසිනි. එසේ නම් ශනිගේ කාර්යය වනුයේ ද`ඩුවම් දීම බව සත්‍යය.

එහෙත් එහිදී සාම්ප‍්‍රධායික ජ්‍යොතිෂවේදීන්ට අමතක ව ගිය කරුණක් ඇත. ශනි හැමෝට ම ද`ඩුවම් දෙන්නේ නැත. පූර්ව ආත්මයන් හි දී පව් කළ පුද්ගලයාට ශනි විසින් ද`ඩුවම් දෙනු ලබයි.

පූර්ව ආත්මයේ දී ජන්මියකුට එල්ල වී ඇති සාපයකට ශනි ග‍්‍රහයාගේ සම්බන්ධයක් පවතී නම් මේ ආත්මයේ දී ශනි අතුරු දශාවල දී ගැටලූ වර්ධනය වෙයි. මහා දශාවේදී සාපය කි‍්‍රයාත්මක ව ලෝකයට තමා ද`ඩුවම් විඳින බව හැඟී යන සිද්ධීන්ට මුහුණ දීමට සිදු වෙයි. මෙහි දී සැමට ම කකුල කැඞීම වැනි ඒකාකාරී ද`ඩුවම් හිමි නොවන අතර තම පූර්ව කර්මය අනුව ද`ඩුවම හිමි වෙයි.
වෛදික ජ්‍යොතිෂයේ දී ලංකාවේ දැනට භාවිත කරන ශනි ඒරාෂ්ඨක අපල යන්නට ප‍්‍රමුඛත්වය ලබා නොදෙයි. එයට හේතුව වනුයේ ශනි සූර්යයා වටා ගමන් කිරීමට ගත කරන වර්ෂ 30න් 20ක් ම ඒරාෂ්ඨක අපල ලෙස පිළිගැනීමයි. මෙය ප‍්‍රායෝගික නැත. ශනි වසර 30කින් පසු යළිත් සුපුරුදු ගමනට අරඹන බැවින් මිනිසුන්ට ජීවිතයේ වැඩි කාලයක් ඒරාෂ්ඨක අපල සමඟ ගත කිරීමට සිදු වෙයි. මෙය ජ්‍යොතිෂවේදීන්ගේ වරදක් නොවන අතර ඔවුනගේ ගුරු කුල හා භාවිත වන ඒකාකාරී පොත පත හේතුවෙන් මෙය පොදු කතාවක් බවට පත් වෙයි. සාම්ප‍්‍රධායික ජ්‍යොතිෂවේදීහු පෙන්වා දෙන පරිදි ඒරාෂ්ඨක අවස්ථා 4කි.

ලග්න ශනි ඒරාෂ්ඨකය

ලග්නයෙන් දොළොස් වැන්නේ ද ලග්නය තුළ හා ලග්නයෙන් දෙවැන්නේ ද ශනි ගෝචරයෙන් ගමන් කරනා වසර 7 1/2ක කාලය ලග්න ඒරාෂ්ඨකයක් ලෙස සලකනු ලබයි.

චන්ද්‍ර ශනි ඒරාෂ්ඨකය

උපදින අවස්ථාවේ කේන්ද්‍රය තුළ චන්ද්‍රයා පිහිටි රාශිය ඉන් දොළොස්වැන්න හා දෙවැන්න මතින් ශනි ගමන් කරනා වසර 7 1/2ක් චන්ද්‍ර සෙනසුරු ඒරාෂ්ඨකයයි.

ලග්න අෂ්ඨම ඒරාෂ්ඨකය

ලග්නභාවයෙන් අටවැන්න මතින් ශනි ගමන් ගන්නා වසර 2 1/2ක කාලය ලග්න අෂ්ඨම ඒරාෂ්ඨකයයි.

චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය

උත්පත්තියේ දී චන්ද්‍රයා සිටි රාශියට අටවැන්නේ පිහිටි රාශිය මතින් ශනි ගමන් කරනා වසර 2 1/2ක කාලය චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකයයි.

සාම්ප‍්‍රධායික ජ්‍යොතිෂ සිද්ධාන්තයන්හි දරුණු ප‍්‍රතිඵල ලබා දෙන ඒරාෂ්ඨක කාලය සම්බන්ධයෙන් ද ගැටලූවක් පවතියි. එක් පිරිසක් චන්ද්‍ර ශනි ඒරාෂ්ඨක කාලය ඉතා අශුභ බව දක්වන අතර තවත් පිරිසක් චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය දරුණු කාල වකවානුවක් ලෙස හඳුන්වනු ලබයි.

වෛදික ජ්‍යොතිෂ සම්ප‍්‍රදායේ දී ශනි යනු ‘නරකයෙකුමය’ යන ස්ථාවරයේ නොපිහිටන අතර ශනි යනු කැපවීම, ශික්ෂණය හා වෙහෙසී වැඩ කිරීම අපේක්ෂා කරන ග‍්‍රහයකු ලෙස සලකයි. ශනිට ආදරණීය හැඟීම් ඇතිවන්නේ නැත. වෛදික ජ්‍යොතිෂයේ ශනි අශුභ ඵල ගෙන දෙන ස්ථාන තුනක් කේන්ද්‍රය තුළ පෙන්වා දී ඇත.

තම මුල පිරීම, ඇරැුඹීම, නිර්මාණාත්මකභාවය මෙන් ම සන්නිවේදන හැකියාවට අදාළ තුන්වැනි භාවයට ශනි ගෝචරයෙන් පැමිණීම සුභ නැත. එයට හේතු වනුයේ ශනි යනු දිළින්දන් හා කම්කරුවන් නියෝජනය කරන්නා ය. දිළින්දන්ට හෝ කම්කරුවාට කිසිදු නව කටයුත්තක් ඇරැුඹිය නොහැකි ය. ඔවුන් සැමදාම එදා වේල සොයා ගැනීමට ඒකාකාරී ලෙස වෙහෙසිය යුතු වෙයි. මුල පිරීමට ශනි සුබ නැත.

ලග්නයෙන් හත්වැනි භාවයට ශනි ගෝචරයෙන් පැමිණීම සුබ නැත. ශනි යනු විනය, ශික්ෂණය හා කැපවීමයි. හත්වැන්න යනු තම ආදරය, විවාහය හා ආශාවයි. මෙම කාරණා දෙක එකිනෙක ගැටෙයි. තම විනය, ශික්ෂණය හරහා ආදරය කළ නොහැකි ය. එය බිඳුණ තැන ශනි ගැටලූ ඇති කරනු ලබයි. එබැවින් හත්වැන්නට සුබ නැති බව පැහැදිලි වෙයි.

ලග්නයෙන් දහවැන්නට ශනි පැමිණීම හරහා තම රැුකියාව තුළ, සමාජය තුළ ගැටලූ ඇති වෙයි. එයට ද බලපානු ලබන්නේ තම කැපවීම හා ශික්ෂණයයි. එමෙන් ම වෙහෙස වී වැඩ නොකිරීමයි. එසේ සිදු කරන්නේ නම් ශනි විසින් ගැටලූ ඇති නොකරයි. මෙහි දී අප තේරුම් ගත යුතු තවත් දෙයක් ඇත. ශනි විසින් ද`ඩුවම් කරනුයේ ශනි විසින් අපේක්ෂා කරනු ලබන කැපවීම, විනය හා ශික්ෂණය නැති පුද්ගලයන්ට පමණක් බව ය. ඒවා සහිත පුද්ගලයන්ට ශනි ද`ඩුවම් කරන්නේ නැත.

සාම්ප‍්‍රධායික ජ්‍යොතිෂ ක‍්‍රමවේදයන්හි ලග්නයේ ශනි තැන්පත් නම් ශනි විසින් බාධා ඇති නොකරන බව සඳහන් වෙයි. එහෙත් අප ක‍්‍රමවේදය තුළ ශනි ලග්නයට පැමිණි විට බල රහිත වීම නැතහොත් මරණකාරක වීම සිදුවෙයි. ඒ හරහා ශනි ලග්නාධිපතිත්වය දරන මකර හා කුම්භ රාශි හිමි භාවයන්වලට අයත් කටයුතුවලට ගැටලූ මතු වෙයි. ලග්න භාවයේ ග‍්‍රහයකු මරණ කාරක වීම හරහා දැඩි ශාරීරික රෝගී තත්ත්වයන්ට මැදි වීම ද සිදු වෙයි.

ශනි ග‍්‍රහයාගෙන් ඇති වන ගැටලූ අවම කර ගැනීම උදෙසා වෛදික සම්ප‍්‍රදාය තුළ සරල ශාන්තිකර්ම පවතින අතර එහිදී මුලිකම කරුණ වනුයේ තම පුර්ව කර්මයන් ක‍්‍රීයාත්මක කරවීමේ වගකීම ශනිට කොතරම් දුරට හිමිවී ඇතිද යන්න අවබෝධ කර ගැනීමයි.
පුර්ව කර්මය උදෙසා දඩුවම් දිමේදි සෘජු හා ද්විතීය යනුවන් තත්ව දෙකක් තුළ ශනි ක‍්‍රීයාත්මක වීම සිදුවෙයි. මෙම අවස්ථාවන් ඉතා සියුම්ව හදුනා ගත යුතුය. සමහර පුද්ගල කර්මයන් හදුනා ගැනීමේදි ශනි විසින් දඩුවම් ලබා දෙන අතර ශනිගේ උපග‍්‍රහයන් විසින් ඉතා ප‍්‍රබල සුබ එල දෙන අවස්ථා දැක ගත හැකි වෙයි. මෙවන් තත්වයන් වලදි ශනිගේ දඩුවම් හිමි වුවද ඒ දඩුවම් වලින් පසු වේගවත්ව යලි නැගීටීමට අවස්ථා හිමිවෙයි.

එසේම ශනි විසින් කුමන තත්වයන් යටතේ උවත් සුභ එල හිමිකරන පුද්ගලයන්ද දැකගත හැකි වෙයි. එවන් පුද්ගලයන්ට ශනි මහා දසා හා අතුරු දසා යනු ජිවිතයේ අරමුණු දිනන කාලයකි.

මෙහි තවත් සියුම්ව හදුනා ගත යුතු පැතිකඩයන් ඇත . කේන්දරයක ඇති රාජයෝග ඵීපරිත රාජයෝග න්‍ැනි තම ජිවිත ගමන තමා තුලින්ම හරවා ගත හැකි අවස්ථා සුභ කිරීමේත් අසුභ කිරීමේත් හැකියාව ශනි සතුව ඇත .

දීක්ෂා ගුරුවරයාගේ කාර්යය වනුයේ හැමෝම පෙන්වා දෙන පරිද්දෙන්ම යකා කලූයි කීම වෙනුවට හරි මග පෙන්වා දීමය. ආශ‍්‍රමයට මෙතෙක් පැමිණි කිසිවෙකුට ශනිගේ භිතිකාවක් මවා පෙන්වා නැත්තේද එබැවිණි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close