හෙළ නාමකරණය

මතකය මරා දමා ගෙදරටම පිස්සු හදන Alzheimer / Dementia රෝගය

ඇල්සයිමර් / ඩිමෙන්ෂියා ලෝකයේ වැඩිම ව්‍යාප්ත වු රෝග ලයිස්තුවේ තෙවෙනියට පමණ දැකගත හැකි රෝගයකි . ඉතින් මේ රෝගී තත්වය ලෝකයේ කොතරම් වේගයෙන් ව්‍යාප්ත වෙනවද කියල කිව්වොත් බොහොම ඉක්මනින් දෙවැනි හෝ පලවෙනි තැනට පත්වේවි කියලා විශ්වාසයකුත් තියෙනවා . මෙය අමතකවීමේ රෝගය (memory disorder) යනුවෙන් භාවිතා කරන අවස්ථාද පවතී .

ඇල්සයිමර් / ඩිමෙන්ෂියා මේක රෝග තත්ත්වයන් දෙකක නාමයන් වුණත් මේ දෙකේම ක්‍රියාකාරීත්වය පොදු ඒ නිසා මං මේක පොදුවේ විග්‍රහ කරන්නම් .

මෙය මොළයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගත් ආබාධයකි . මතකය සහ සිතීමේ හැකියාව සෙමෙන් විනාශ කරන අතර අවසානයේ වඩාත් හුරුපුරුදු කාර්යයන් ඉටු කිරීමේ හැකියාව පවා ක්‍රමයෙන් බිඳ වැටීමට ලක් වෙයි . සරලව කිව්වොත් අපේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය හැම දෙයක්ම අවුල් කර දමන තත්ත්වයක් …

ගමේ භාෂාවෙන් කියනවා නම් පිස්සු හැදුනා වගේ තත්ත්වයක්…. ( Delusional disorders ) මේක හැදෙන මනුස්සයට විතරක් නෙවෙයි , ඒ මනුස්සයා නිසා ගෙදර මිනිස්සුන්ටත් පිස්සු හැදෙනවා…

මෙය රෝග හටගැනීමට සරලවම බලපාන හේතුව මොළයේ ස්නායු බිඳ වැටීම හෝ අක්‍රීය වීමයි . මේ තත්ත්වය ඇති වෙන්න හේතු වෙන්නේ දීර්ඝ කාලීනව පවතින ආතතිය , හෝමෝන අසමබර වීම , ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටීම , මොළයට අවශ්‍ය ලෙස ඔක්ෂිජන් නොලැබීම , ඇල්සයිමර් රෝගය ඇති වෙච්ච කෙනෙක්ට ඉන්පසු ඩිමෙන්ෂියාව ඇතිවෙනවා . ඒ කියන්නේ මේක එකම රෝගයක මුල් අවධිය හා පසු අවධිය වගේ තත්ත්වයක්.

ඊට අමතරව පාකින්සන් රෝගය, තයිරොයිඩ් , විටමින් B 12 ඌනතාවය ,මෙනන්ජයිටීස් , දරුණු හිසේ තුවාල, ජානමය සාධක වගේ හේතු මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය , ඖෂධ අධි මාත්‍රාත් මෙම රෝග ඇතිවීමට හේතු විය හැකියි .

කනගාටුවට කරුණක් නම්, ඇල්සයිමර් / ඩිමෙන්ෂියාව කියන තත්වයන්ට ස්ථීර ප්‍රතිකාරයක් බටහිර වෙදකමේ තවම සොයාගෙන නැහැ. කෙසේ වෙතත්, ප්‍රගතිය මන්දගාමී කිරීමට ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබේ. ඇල්සයිමර් දැනුවත් කිරීමේ මාසයට අනුව, අවධානය යොමු කළ යුතු තීරණාත්මක ලක්ෂණ සහ රෝග ලක්ෂණ මෙන්න.

ඇල්සයිමර් / ඩිමෙන්ෂියා රෝගයේදී මතකය අඩුවීම,
ව්‍යාකූලත්වය වැඩි වීම
අලුත් දේවල් ඉගෙන ගැනීමට ඇති නොහැකියාව
කෝපය වර්ධනය වීම ,
භාෂාව සමඟ ඇති දුෂ්කරතා සහ අංක කියවීම, ලිවීම සහ වැඩ කිරීමේ ගැටළු , තර්කානුකූලව සිතීමට අපහසු වීම , අවධානය ගිලිහී යෑම ,
කාර්යයන් කිහිපයක් එකවර ඉටු කිරීමේ දුෂ්කරතා , පුද්ගලයන් හඳුනා ගැනීමේ ගැටළු
මායාවන්, විශ්වාස කිරීම , අසභ්‍ය වචන භාවිතා කිරීම , ආවේගශීලී හැසිරීම , අසභ්‍ය වචන භාවිතය , නොසන්සුන් බව, කලබල වීම,කාංසාව , කඳුළු, ඉබාගාතේ යාම , වරින් වර මාංශ පේශි ඇඹරීම , බර අඩුවීම , සමේ ආසාදන , මැසිවිලි නැඟීම , නින්ද වැඩි වීම

බටහිර වෙදකම තුළ මෙම රෝගය පාලනය කිරීමට ස්ථිර ක්‍රමවේදයක් නැති බව මා කලින් පැහැදිලි කළා . මෙහිදී අනෙකුත් මානසික රෝගයන් වල දී මෙන්ම හෝමෝන සමබර කිරීම උදෙසා භාවිතා කරනු ලබන ඖෂධ වර්ග හරහා රෝගය පාලනය කිරීමක් පමණක් සිදු කරනු ලබයි .

හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරගත කොලෙස්ට්‍රෝල් අධිකවීම, වකුගඩු රෝග වැනි නිදන්ගත රෝග පවතින අවස්ථාවන් වලදී මෙම ඖෂධ භාවිතා කිරීමෙන් ගැටලු මතුවේ .

”  යත්පිත්ං හෘදයංසංස්ථිතං –  තස්මින් සාධකෝග්’නී රිති සංඥා;

සෝභිප්‍රාර්ථිතමනෝරථ සාධන කෘද්‍රක්ත:  ”

සුශ්‍රැත සංහිතාවේ සඳහන් වන පරිදි සියලු රෝගයන් හටගන්නේ තුන්දොස් විකෘති වීම නිසාය. මානසික රෝගයන්ට හේතු වන්නේ තුන්දොස් විකෘති වීමෙන් පසු බ්‍රාහ්මහෘදය විකෘති ආකාරයෙන් මනස පාලනය කිරීමයි.

ආයුර්වේදයේ රසායන තන්ත්‍රය ලියවෙන්නෙ වයෝවෘද්ධ රෝග ලෙස වර්ග කෙරුණු මහළු බව හරහා ඇතිවන තත්වයන් මුල් කර ගනිමිනි . ඩිමෙන්ෂියාව ආයුර්වේදයේ ” ප්‍රාණවට ” ලෙස ද මතකය ගිලිහී යෑම ” ස්මෘති භාන්ත්‍ර ” ලෙස ද හඳුන්වනු ලබයි .

ආයුර්වේදීය ප්‍රතිකාර හරහා මෙම රෝගී තත්ත්වයන් පාලනය කිරීමේදී පංචකර්ම ප්‍රතිකාරවල වමන , විරේචන , නස්‍ය , වස්ති කර්ම බොහෝ සෙයින් ඉවහල් වේ . ශිරෝධරා සහ අබ්යංග වැනි ප්‍රථිකාර ක්‍රමවේද තුලින් ස්නායු හා මොළයේ සෛල පුනර්ජීවනය කිරීම කල හැකිය .

පංචකර්මයේ පූර්ව කර්ම ප්‍රධාන කර්ම හා පසු කර්ම නිසි පරිදි ඉටු කිරීමෙන් වියළිමට හා හානියට පත් වූ මොළයේ සෛල සහ ස්නායු පුනර්ජීවනය කල හැක .

මොළයේ වයසගතවිම මන්දගාමී කිරීම හා මතකය වර්ධනය කිරීම සඳහා ඇති හොඳම ආයුර්වේද සංයෝගයන් වනුයේ අශ්වගන්ධ , ලුණුවිල , නිල් කටරොළු , ගොටු කොල , ගුගුල් , වැල්මී ය. මෙම ඖෂධ වලින් කැද වර්ග පානය කිරීම මෙන්ම මේවා අඩංගු ඖෂධ මගින් මෙම රෝගය පාලනය කල හැක. ත්‍රිඵලා තෛලය හිස ගැල්වීම කල හැකිය .

මා මුලින්ම සඳහන් කලා මේ රෝගය ලෝකයේ වේගෙන්ම වර්ධනය වෙමින් පවතින රෝග කාණ්ඩයට අයත් රෝගයක් කියලා .. එසේ නම් මෙම රෝගය සම්බන්ධයෙන් බොහෝ ඖෂධ පර්යේෂණයන් සිදු වෙමින් තියෙනවා . ඒ සියලු ඖෂධයන් අතරින් මේ රෝගය සම්පූර්ණම පාලනය කරන්න පුළුවන් ඖෂධයක් හොයාගෙන තියෙනවා .

” ත්‍රයිලෝක විජය වටී ” මේකෙ capsule වර්ග බොහොමයක් ලෝකෙ නිෂ්පාදනය වෙලා තියෙනවා . ඒ කියන්නේ ලෝකයේ ඉදිරි ප්‍රධානතම ඖෂධ වෙළඳපල තමයි ත්‍රයිලෝක විජ වටී කියලා කියන්නේ . ( එතකොට දැන් තේරෙනවද පහුගිය කාලේ ලංකාවේ රැල්ලක් විදිහට කෑ ගහපු අය කෑ ගැහුව කාගේ වුවමනාවටද කියලා . ඉතින් දැන් කෑ ගැහිල්ල නතර වුණ මොකද බහුජාතික සමාගම් කිහිපයකට අවසර ලැබුණා නේ )

මෙයට අමතරව පෝෂදායී ආහාර ඉතා වැදගත් වේවි . ඇට වර්ග හා බීජ වර්ග මොලේ වර්ධනයට ඉතා ප්‍රයෝජනවත්ය . එසේම විටමින් D හා මැග්නීසියම් ඌනතාවයන් පවතීද යන්න නිසි පරිදි සොයා බැලීම කළ යුතුය .

 

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close