හෙළ නාමකරණය

ඇගේ වතුර ගෙඩි ඇතිකරන Ganglion Cyst රෝගය


Ganglion Cyst යනු ශරිරයේ අස්ථි පද්ධතියේ Joints වල දිස්වන ගැටිති වේ. ඒවා බෙල්ලේ , වළලුකර සහ පාදවල ද ඇති විය හැක. Ganglion Cyst සාමාන්‍යයෙන් තරමක රවුම් හැඩැති වන අතර ජෙලි වැනි තරලයකින් පිරී ඇත. මේවා හටගන්නේ සන්ධි අසල පමණි.

මේම ගැටිති විවිධ ප්‍රමාණයෙන් ඇතිවිය හැකියි . වේදනා රහිත වේ . ස්නායුවක් තෙරපේනම් පමණක් වේදනාවක් ඇති විය හැකියි .එවන් අවස්ථාවක හිරිගතියක් ඇතිවිය හැකියි.ඒවා පිළිකාවක් යැයි වරදවා තේරුම් නොගත යුතුය .

මෙම ගැටති ඇතිවන් සන්දිය තුල ඇති දියරය සන්දීයෙන් එලියට කාන්දුවීම හරහා ගණ වීමයි . තයිරොයිඩ් ආබාධ හා
ඔස්ටියෝ ආතරයිටිස් වැනි සන්ධි ව්යාධිවේදයන්ද මෙයට හේතුවෙයි.

මෙම ගණ වු ද්‍රවණය සිලින්ජරයකින් ඉවත් කිරීම හෝ කුඩා ශල්‍යකර්මයෙන් ගෙඩි ඉවත් කරීම බටහිර වෙදකමේදී සිදුවෙයි . නමුත් රෝග ලක්ෂණ නොමැති නම්, ප්රතිකාර අවශ්යම නොවේ. එවා හානිකර නොවේ .

ආහාර රටාවේ පවතින වැරදි , අධික ලෙස ශාරීරික ව්යායාම. තුවල හෝ ඔස්ටියෝ ආතරයිටීස් මත මේවා ඇතිවිය හැකියි .
තුවායක් උණුසුම් ජලයේ පොඟවා ඉදිමීමට ලක් වූ ප්රදේශය තැවීම හා මිනිත්තු 15ක් එම ප්‍රදේශය සම්බාහනය කරන්න (අධික පීඩනයක් නොවේ)

වාත හා ශීත ගුණ අධික ආහාර වලින් වැලකිය යුතුයි. එලකිරි භාවිතය සුදුසුය . වාත සමන ප්‍රථිකාර මේ සදහා ආයුර්වේදය තුල භාවිතා කරනු ලබයි .

නාඩ් ශුද්ධිය ඇතිවන යෝග හරහාද මෙය පාලනය වෙයි .බාලාරිෂ්ටය , ලක්ෂ ගුගුලුව , මහායෝගරාජ ගුග්ගුලු වැනි ඖෂධ මේ සදහා භාවිතා කල හැකිය .

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x