හෙළ නාමකරණය

හිස කෙස් ගැලවීයන Androgenetic alopecia රෝගය

Androgenetic alopecia යනු වෙන් හදුන්වනු ලබන්නේ අවුරුදු 30 /35 පසුවන විට පිරිමි සහ ගැහැණු යන දෙඅංශයේම හිසකෙස් ගැලවී යාමේ පොදු රෝගී තත්ත්වයකි . සමහර අවස්ථාවන් වලදී නව යොවුන් වියේදීම මෙම තත්වය මතුවේ . මෙය රෝගී තත්ත්වයක් වුවත් සමාජය තුළ මෙය සාමාන්‍ය තත්ත්වයක් වන තරමටම එය සාමාන්‍යකරණය වී ඇත.

පිරිමින් තුළ, මෙම තත්වය ” තට්ටය පෑදීම “ලෙසද හැඳින්වේ. හිස කෙස් ගැලවී යෑම ආරම්භ වු අවධියේදි ඉදිරියෙන් බැලූ විට හිසකෙස් වල පිහිටීම “M” හැඩයක් ලෙස පෙනේ . නළල පළල් වන අතර හිස මුදුනේ කෙස් ගස් තුනී වීම ඇරඹේ , ක්‍රම ක්‍රමයෙන් හිස කෙස් ගැලවී යෑම සිදුවී අර්ධ හෝ සම්පූර්ණ තට්ටය දක්වා වර්ධනය වේ.

කාන්තාවන්ගේ හිසකෙස් ගැලවී යාමේ රටාව මෙයට වඩා වෙනස් වේ. කාන්තාවන්ගේ හිසකෙස් සිහින් වීම ඇරඹෙන අතර, හිසකෙස් ප්‍රමාණාත්මකව වැඩි වශයෙන් හිස කෙස් ගැලවී යෑම ආරම්භ වේ . එහෙත් පිරිමින්ගේ මෙන් තට්ටය පෑදීමක් සිදුවන්නේ නැත .

පිරිමින්ගේ මෙම හිසකෙස් ගැලවී මේ තත්ත්වය හෘද රෝග පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම ඇතුළු තවත් වෛද්‍ය තත්වයන් කිහිපයක් සමඟ සම්බන්ධ වී ඇත . දියවැඩියාව , තරබාරුකම , අධි රුධිර පීඩනය සමඟ බැදී පවතී. මෙහිදී මූලිකවම තේරුම් ගත යුතු තත්ත්වයක් වනුයේ එක් වනම හිසකෙස් ගැලවී යෑමේ ගැටලුවක් ආරම්භ වූයේ නම් එය හිසකෙස් සම්බන්ධ ම ගැටලුවක් නොවන අතර ඉහත කරුණු හා බැඳුණු කුමක් හෝ තත්ත්වයක් පැවැත්විය යුතු යැයි යන්න අවබෝධ කරගත යුතුය.

කාන්තාවන්ගේ හිසකෙස් ගැලවී යෑමට මෙයට වඩා සංකීරණ කරුණු ගණනාවක් ම හේතු වේ . මින් ප්‍රධානම වන්නේ ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමයයි . (PCOS) PCOS යනු හෝමෝන අසමතුලිතතාවයකි . එමගින් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, කුරුලෑ ඇතිවීම, හිසකෙස් ගැලවී යෑම , බර වැඩිවීම මේ හරහා ඇතිවෙයි.

හිස කෙස් ගැලවී යෑම පොදු රෝගී තත්ත්වයක් බව දැන් පැහැදිලි වනු ඇත. මෙය ජානමය වශයෙන් ඇතිවන අවස්ථා මෙන්ම පාරිසරික තත්ත්වයන් හරහාද ඇතිවේ.

හිස කෙස් ගැලවී යෑම පාලනය කිරීමට භාවිතා කල හැකි පිලියම් කිහිපයක් පහතින් දැක්වෙයි .

1. අශ්වගන්ධ යනු හිසකෙස් ගැලවී යෑම වැළැක්වීම සඳහා භාවිතා කළ හැකි ආයුර්වේද ඖෂධයකි . අශ්වගන්ධ වතුරේ පොඟවා තලපයක් බවට පත්වන තෙක් හොදින් අඹරා හිසේ ආලේප කර විනාඩි 30 කට පසු සෝදා හරින්න. සතියකට වරක් මෙය කිරීම ප්‍රමාණවත් වේ .

2. ලුණුවිල මනස ඒකාග්‍ර කිරීමට සහ විවිධ දේ මතක තබා ගැනීමට උපකාරී වන ඖෂධයකි . හිසකෙස් ගැලවී යෑම පාලනය කිරීමටද මෙම ඔඖෂධය භාවිතා කල හැකි වෙයි . ලුණුවිල කොළ තලා ජලය සමග මිශ්‍ර කර ඔබේ හිසකෙස් පුරා සහ විශේෂයෙන් හිස්කබලේ ආලේප කළ යුතුය. සතියකට තුන් වතාවක් මෙය කිරීමෙන් හිසකෙස්භවර්ධනය වෙයි.

3. උළුහාල් හිසකෙස් ගැලවී යෑම පාලනය කිරීමට වඩාත් ප්‍රථක්ෂ ඖෂධයකි . උළුහාල් කබලේ බැද එය කුඩුකර ගත යුතුයි. ඉන්පසු වතුරින් තලපයක් සේ අනා හිස ගැල්විය යුතුය . මෙය සතියකට වරක් කිරීම ප්‍රමාණවත් ය.

4. පේර කොල සිහින්ව කපා මැටි බදුනක බහා ජලය 8 ගුණයක් යොදා එය 4 සිදවා හිස සේදිමෙන් හිසේ රෝග නැසේ.

5. පේර කොල අඹරා හිස ගල්වා විනාඩි 15 පසු සෝදා දැමීමද යහපත්ය.

6. මහා නීකකාදී තෛලය හිස ගැල්වීම මගින් හිස කෙස් ගැලවී යෑම පාලනය වෙයි.

7. භෘංගරාජ හෝ භෘංගමාලක තෛලය හිස ගැල්වීම මගින් හිස කෙස් වර්ධනය වීම මෙන්ම හිස ආශ්‍රිත බොහෝ රෝග සමනය වෙයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x