හෙළ නාමකරණය

ලෙඩ වලට බය නම් මී පැණි කන්න

මිසරයේ පිරමිඩ ඇතුලේ තියෙන රූප අතර බහුලව දැකිය හැකි සත්වයෙක් තමයි මී මැස්සා … ඔහුන් මී මැස්සගෙන් සශීකත්වය සංකේතවත් කලා … මී පැණි කින්නේ ලෝකයේ තියෙන ආහාර අතරින් පෝෂ ගුණයෙන් වැඩිම ආහාරයක්…. පැරණි වෙන්න වෙන්න මී පැණි වල ගුණය වැඩි වෙනවා .

මී පැණි භාවිතා කිරීමෙන් අපට අපේ ශරීරය නිරෝගීව පවත්වා ගෙන යා හැකියී .

• රාත්‍රි නින්දට පෙර මී පැණි හැන්දක් කෑමෙන් ශරීරයේ අධික තරබාරුව පාලනය කර ගත හැකි වෙයි . මී පැනි වල ඇති මේදය දිය කිරීමේ ගුණය හේතුවෙන් ශරීරයේ අනවශ්‍ය මේද කොටස් දියකර හැරීම සිදුවේ .
• සුවබර නින්දක් ලැබීමටත් මෙමගින් අවස්ථාව සැලසේ.
• ස්වසන පද්ධතිය ආශ්‍රිතව පවතින බොහෝ රෝග මී පැණි හරහා පාලනය වෙයි.
• සමේ හා මුහුනේ ආලේපය තුලින් කැලලි ඉවත් ව දීප්තිමත් බවක් ඇති වෙයි.
• මී පැණි වල ප්‍රථි ඔක්සිකාරක ගුණය හේතු කොටගෙන වයසට යෑමත් සමග ඇතිවන මතකය අමතක විම පාලනය කරයි.
• මී පැණි වලට බැක්ටීරියා සමග සටන් කිරීමේ විශාල ශක්තියක් පවතී . මේ හේතුවෙන් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට මෙමගින් විශාල කාර්යයක් කරනු ලබයි.
• උදෑසන අවදි වු විට හිස්බඩ පැණි හැන්දක් කා මද රස්නය වතුර වීදුරුවක් බීමෙන් ආහාර දිරවීම හා මල පිටවීම පහසු කරවයි .
• රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීමට හා රුදිර පීඩනය අඩු කර ගැනීමට මී පැණි සමග කුරුදු කුඩු ස්වල්පයක් භාවිතා කළ යුතුය . මේ මගින්ම කැස්ස හා උණ තත්ත්වයන් ද පාලනය වේ.
• වාත රෝගයන් වල දී එයට අදාළ ඖෂධ සමඟ මිශ්‍ර කර ආලේප කිරීම හරහා වාත රෝග යන ඉතා වේගයෙන් පාලනය වීම සිදුවේ . එසේම ආතරයිටීස් සුව කිරීම උදෙසා ද මී පැණි වලට ඇත්තේ ඉතා ඉහළ හැකියාවකි.
• පිලිස්සුම් කැලැල් මත මී පැණි ආලේප කිරීම හරහා එම කැළැල් ඉවත්කර ගත හැකි වේ.
• ලේ මදිකම නැතහොත් හිමොක්ලොබින් අඩුවීම පාලනය කරයි.
• ලේ පිරිසිදු කිරීම උදෙසා ප්‍රබල හැකියාවක් සහිත ඖෂධයකි.
• තුවාල සුව වීම ප්‍රමාද අවස්ථාවන්වලදී මී පැණි ආහාරයට ගැනීම තුළින් තුවාල වේලීම වේගවත් වේ.
• සමේ ඇතිවෙන ඕනෑම චර්ම රෝගයක් උදෙසා මී පැණි ආලේපය ප්‍රශස්ත වේ.
• ගර්භනී බව ආරම්භ වීමේදී ඇතිවන කෑම අරුචිය හා ඔක්කාරය පාලනය කිරීම උදෙසා හිස්බඩ මී පැණි හැන්දක් ලබාදීම කලයුතුය .
• කාර්යබහුල තත්ත්වයන් මත ඇතිවන මානසික අවපීඩනය මී පැණි ආහාරයට ගැනීමෙන් පාලනය කරගත හැකිවේ.

‘චරක සංහිතාව’ට අනුව මී පැණි වර්ග හතරකි.

මාකෂික – තල තෙල් පැහැති ගුණයෙන් ඉහළ මී පැණි මේවාය .

භූමර – සුදු පැහැති ආන්තික පැණි රසකින් යුක්තය මී පැණිය .

කෙෂෟද්‍ර – කුඩා මී මැසි වර්ග විසින් නිපදවන අතර මෙම පැණි ශීත ගුණයෙන් යුක්ත ය.

පෛත්තික – විශාල මී මැස්සන් විසින් නිපදවන ගිතෙල් පැහැති මී පැණි විශේෂයකි. වාත, පිත, දෝෂ, කුපිත කරවයි.

මී පැණි උණු කිරීම පිළිබඳ පහුගිය කාලයේ ලොකු කතාවක් සමාජගත වුණා . පැරණි ග්‍රන්ථ සියල්ල තුළම මී පැණි උණු කිරීම හරහා විෂ බවට පත්වීම පිළිබඳව සඳහන්… එහෙත් යුනානි වෙදකම තුළ මී පැණි භාවිතයෙන් හදන ඖෂධ සියල්ලෙහි දී ම පාහේ මී පැණි රත් කිරීම සිදුකරනු ලබයි . මෙම යුනානි වෙදකමේදී එම ඖෂධ භාවිතා කළ පුද්ගලයන්ගේ රෝග සුවවීම මිස ඔවුන්ට විෂ වී මරණයට පත් වීම මේ දක්වා සිදු වී නොමැත.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close