හෙළ නාමකරණය

දියවැඩියාව ලග එන බවට ඉගි දෙන අධික තිබහ හෙවත් Polydipsia

බලාපොරොත්තු නොවන අයුරින් ඇතිවන අධික පිපාසය දියවැඩියාවේ ආරම්භක රෝග ලක්ෂණ වලින් එකකි. එය තාවකාලිකව හෝ යම් කාලයක් දිගට පැවතීමේ අවස්ථාව පවතී . මෙම තත්වය තුළදී කොතරම් දියර වර්ග පානය කරත් තිබහා අවසන් වීමක් සිදු නොවේ .

ශරීරයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන ජලය ප්‍රමාණයක් පවතින මුත් සෑම පුද්ගලයෙක්ම නියමිත ජල ප්‍රමාණයම ලබා ගන්නේ නැත . ඔහුන් තම තමන්ම හුරූ වු රටාවකට ජලය පානය කරන ප්‍රමාණය තීරනය වෙයි.

එහෙත් මෙම පොලිඩිප්සියා තත්ත්වය එක්වරම ඇති වීමත් සමග එතෙක් නොබී තරම් ප්‍රමාණයේ ජලය ප්‍රමාණයක් පානය කරනු ලබයි . ඔබට නිතරම පිපාසය දැනෙනවා නම්, ඔබේ පිපාසය වෙනදාට වඩා ප්‍රබල නම් , දියර පානය කිරීමෙන් පසුව පවා දිගටම ති
බහ පවතින්නේ නම්, එය ඔබේ ශරීරය තුළ සියල්ල හොඳින් සිදු නොවන බවට ලකුණක් විය හැකිය.

පොලිඩිප්සියා ඇතිවීමට හේතු

• පිපාසය වැඩි වීම
• අධික ව්‍යායාම
• වැඩි වශයෙන් ලුණු සහිත හෝ කුළුබඩු සහිත ආහාර අනුභව කිරීම
• පාචනය
• වමනය
• අධික ලෙස දහඩිය දැමීම
• රුධිර වහනය
• දිගු කලක් භාවිතා කරන ඖෂධ
• දියවැඩියා රෝගීන්ගේ

*ඉහත කරුණු සියල්ලටම වඩා තවමත් දියවැඩියාව හඳුනාගෙන නොමැති පුද්ගලයන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස අධික පිපාසය වැඩි වීම සිදු වෙයි.

නිරන්තර අධික පිපාසය පහත සඳහන් දේවලින් එකක ප්‍රතිඵලයක් විය හැක.

පිපාසය වැඩි වීම නියත වශයෙන්ම දියවැඩියාව ඇති වීමේ පෙර ලකුණක්ම නොවේ, සාමාන්‍ය රුධිර ග්ලූකෝස් මට්ටම යම් හේතුවක් මත වැඩි වීමෙන්ද මෙය ඇතිවිය හැකියි.

මෙම තත්වයේ ප්‍රධානම තවත් ලක්ෂණයක් වන්නේ දිනකට ලීටර් පහක පමණ ප්‍රමාණයක් මුත්‍රා පිටවීමයි.

මෙහිදී වඩාත් සුදුසු වන්නේ දිගින් දිගට පිපාසය ඇති විට ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතීද යන්න තීරණය කිරීමට ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමයි. එ සදහා රුධිර ග්ලූකෝස් පරීක්ෂණ උපකරණයක් භාවිතා කල හැකි වේ.

අධික පිපාසය දැනෙන අවස්ථාව ” දියවැඩියා 2/3 ” මට්ටම් වල රෝග ලක්ෂණයක් වන බැවින් ප්‍රථමයෙන් ඉතා ඉක්මනින්ම රෝගියා රෝහල් ගත කල යුතුයි. එයට හේතු වන්නේ මේ අවස්ථාවේදී රෝගියා සිහිසුන් වීම හෝ කෝමා තත්වයට පත් වීමේ හැකියාව පැවතීමයි .( දියවැඩියාව හා සම්බන්ධ කෝමා වර්ග තුන වන්නේ diabetic ketoacidosis coma, hyperosmolar coma සහ hypoglycaemic coma. )

එහිදී මුලිකව රුදිරයේ ඇති ග්ලූකෝස් මට්ටම නිසි පරිදි නියාමනය කරමින් ඉන්සියුලින් ලබාදීම සිදුකරයි.

රෝගියාගේ ලේ වල ඇති ග්ලූකෝස් මට්ටම යථා මට්ටමට පැමිණීමෙන් පසු එතෙක් පැවැති අධික පිපාසය අඩුවීම සිදුවෙයි. එහිදී ඉතා කල්පනාකාරීව දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය පාලනය කිරීම කළ යුතුවේ .

අධික පිපාසය ඇති වීම දියවැඩියාවේ දෙවන හා තෙවන මට්ටම් වලට පත් රෝගියෙකු තුළින් සිදු වන්නක් බැවින් ක්‍රමානුකූලව රුධිරයේ ග්ලූකෝස් මට්ටම පවත්වා ගත යුතු වේ . ඒ සඳහා බටහිර හෝ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම භාවිතා කිරීමට ඉන්පසු රෝගියා ට අවස්ථාව උදාවේ.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close