හෙළ නාමකරණය

හිතනවට වඩා ගොඩක් දරුණු අම්ල පිත්තය


අම්ල පිත්තය (ගැස්රයිටිස් ) කියලා කියන්නේ අපි හිතනවට වඩා බොහෝ දරුණු හා සංකීර්ණ රෝගී තත්වයක්…
ඉංග්‍රීසියෙන් මේ ගැස්රයිටිස් කියන වචනය තුළින් සමස්ත අම්ල පිත්ත රෝගය නිර්වචනය වෙන්නේ නැහැ… මම එහෙම කියන්න හේතුව තමයි , මේ අම්ලපිත්ත රෝගයේ හිතාගන්න බැරි තරම් වපසරියක් තියෙනවා.
අපි ගැස්රයිටිස් කියලා කියන ලෙඩේ ඇතුලෙදි කතා කරන්නේ බඩේ දැවිල්ල , උගුරට ඇසිඩ් ගතියක් දැනෙන එක හෝ බඩවැල් වල තුවාල ඇතිවීම වගේ සීමිත කරුණු ටිකක් ගැන….

හැබැයි ඊට එහා ගිය හදවත් රෝග , හතිය , අස්ථි දිරායෑම , ඉරුවාරදය , ඇස් දුර්වල වීම , රුධිරය විෂ වීම , හන්දිපත් රුදාව , ආතරයිටීස් තත්ව හා මානසික අවපීඩන තත්ත්වය මේ හරහා ඇති කරනු ලබනවා . අම්ලපිත්ත කියන රෝගී තත්ත්වය තුළ දී මා පෙර සදහන් කල තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කළත් ගැස්ට්‍රයිටීස් කියන බටහිර නිර්ණායකය තුළදී ඔය සියල්ල ආවරණය වෙන්නේ නැහැ .

අම්ලපිත්තය වසර කිහිපයක් එක දිගට තිබෙන කෙනෙකුගේ කාර්යක්ෂමතාවය කෙමෙන් කෙමෙන් අඩු වෙලා යනවා . ටික කාලයක් යද්දී ඔහුට හිටගෙන ඉන්නම් පවා අමාරු තත්ත්වයක් නිර්මාණය වෙනවා… ශරීරයේ හැම තැනක්ම රිදෙන ගතියක් නිර්මාණය වෙනවා . ශරීරයේ සන්ධි අතර යම් වේදනා නිර්මාණය වෙනවා. කොඳු ඇට පෙළේ ඉහළ කොටසේ යම් ආබාධ නිර්මාණය වෙනවා . කල් පවතින හිසරදය හෝ මානසික ගැටලු නිර්මාණය වෙනවා .

ආයුර්වේද වෙදකම තුළ මෙයට බොහෝ ප්‍රතිකාර තියෙනවා . හැබැයි ඒ හැම එකක්ම සියයට සියයක් සාර්ථකයි කියලා මම කියන්නේ නැහැ . බටහිර වෙදකම තුළත් මෙයට භාවිතා කරන බොහෝ බෙහෙත් වර්ග තියෙනවා . මම අත්දැකීමෙන් බටහිර බෙහෙත් වර්ග මෙන්ම සිංහල බෙහෙත් වර්ගත් බොහොමයක් අම්ල පිත්ත රෝගය වෙනුවෙන් භාවිතා කරලා තියෙනවා . හැබැයි ඒ කිසිම එකකින් දීර්ඝකාලීන ප්‍රතිඵලයක් ලබන්න බැහැ .

අම්ලපිත්ත රෝගය පාලනය උදෙසා ආහාර විහරණ විධි ඉතාම වැදගත්…. සරලව කියනවා නම් කට පරිස්සම් කර ගත යුතුයි . කොහොමහරි අවසානයේ සියලු බටහිර බෙහෙත් සහ ආයුර්වේද බෙහෙත් පැත්තකින් තියලා මගේම ක්‍රමවේදයකින් අම්ල පිත්ත රෝගය 99 % පාලනය කර ගත්තා . ඇයි මං 99% ක් කියල කිව්වෙ…. කට පරිස්සම් කර ගැනීම මම තාම කරන නිසා … හිතෙන ඕනම දෙයක් කන්නේ නැහැ මම….

ඉස්සෝ, දැල්ලෝ ,රයිස් , කොත්තු, පරාටා , පාන් , පිටිකිරි වගේ දේවල් මම භාවිතා කරන්නේ නැහැ …
ඒ ආහාර විහරණය තවම තියෙන නිසා 99% කියලා කියන්න වෙනවා. හැබැයි ගැස්ට්‍රයිටිස් හරහා එන ශරීරයේ අමාරුකම් නම් නැහැ…

මේ ක්‍රමවේදය බොහෝ දරුවන්ට මම කියලා දුන්නා . කියලා දීපු දරුවන්ගෙනුත් බොහෝ දරුවෝ එකෙන් ප්‍රයෝජනයක් අරගෙන තියෙනවා .. අම්ල පිත්තය ( ගැස්ට්‍රයිටිස්) හරහා පීඩා විඳින දරුවෝ ඉන්නවනම් පණිවිඩයක් යොදලා අහන්න මම ඒ ක්‍රමවේදය කියලා දෙන්නම් … හැබැයි කට පරිස්සම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ….

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close