හෙළ නාමකරණය

කොලෙස්ටරෝල් නැති කරන්න මී තෙල් කෑමට එක් කරන්න


ඉස්සර කොලෙස්ට්‍රෝල් හැදුනේ ටිකක් වයසට යද්දී එත් දැන් එහෙම දෙයක් නෑ… පොඩි දරුවන්ගේ ඉදලම කොලෙස්ට්‍රෝල් හැදෙනවා . බොහෝ විට මේ කොලස්ට්රෝල් හැදෙන්න හේතු වෙන්නේ අපේ ආහාර රටාව… ඒ වාගේම අපි ආහාර වලට එකතු කරගන්න කෘතිම දේවල් …. මම පසුව මේ පිළිබඳ දීර්ඝ ආයුර්වේදීය විග්‍රහයක් කරන්නම්….

මම අද කියන්න උත්සාහ කරන්න ගෙදර හදන කෑම හරහා අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න පුළුවන් සරල ක්‍රමයක් ගැන…..

ගෙදර කෑම හදද්දී එක කෑමකට හරි ” මී තෙල් ” චුට්ටක් එකතු කරන්න … දන්නවනේ මී තෙල් කියන්නේ මී ඇටවලින් ගන්න තෙල් ….

මේ තෙල් කියන්නේ කොලොස්ට්‍රෝල් පාලනය කරන්න විතරක් හැකියාව තියෙන තෙලක් නොවෙයි මේ ශාකයට සර්ව රෝග හරණ කියලත් පැරණි පොත්වල තියෙනවා… ඒ කියන්නේ ශරීරය ඇතිවන සියලුම රෝග දුරු කිරීමේ හැකියාව මේ ශාකය සතුයි…..
* සන්ධි වේදනාවලදී යකඩ හැන්දකට මී තෙල් චුට්ටක් අරගෙන රත් කරල ඒ සන්ධිවල ආලේප කරාම ඉක්මනින්ම එ වේදනා වල නැතිවෙලා යනවා …

සාමාන්‍ය වේදනා වලදී නම් නිකන්ම ආලේප කරන්න පුළුවන්
ආයුර්වේදයේදී පස් තෙල් අතරට ගැනෙන මී තෙල් අයත් වෙනවා . එයින්ම හිතා ගන්න පුළුවන්නේ මේ තෙල කොතරම්ම වැදගත්ද කියන එක …

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x