හෙළ නාමකරණය

ආර්ථවය නැවතුනොත් ප්‍රශ්ණ ගොඩයි

සමහර දැරිව්යන්ට මේක මහා වේදනා කාරී දෙයක් … ඔසප් වීම ලංවෙත්ම කොන්දේ වේදනාව , හිසේ වේදනාව , පියයුරු වල වේදනාව එකි මෙකි නොකී බොහෝ දේ ඇතිවෙනවා… පාසල් යන කාලේදී ” මොකට මේ මගුල හැදෙනවද මන්දා ” කියලා කියවෙන්නේ එ අමාරුවත් එක්ක වෙන්න ඇති…..

විවාහ වෙලා ලමයි හම්බුනාට පස්සේ ” මේ මගුල දැන්වත් නවතිනවනම් ලොකු දෙයක් ” කියලා නොකියන කාන්තාවක් නැතුව ඇති……

මැදි වයසට එද්දි කැමති උනත් නැතත් ඔසප් විම නතර වෙනවා . මේක නතර වෙන්න කිය කියා ප්‍රාර්ථනා කරන්නේ ඊට පස්සේ ඇතිවෙන ගැටළු ටික නොදන්න නිසා….

ඔසප් වීම ක්‍රමානුකූලව සිදුවන්නේ ශරීරයේ තිබෙන හෝර්මෝන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසිනි. හයිපොතැලමස, පිටියුටරිය සහ ඩිම්බකෝෂ මුල්කර ගනිමින් ඇතිවන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මෙයට මුලික වේ . මෙම හෝමෝන මූලික ක්‍රියාවලියට අමතරව පියයුරු පද්ධතියක් ක්‍රමවත්ව පවත්වා ගැනීම , ශරීර ශක්තිය පවත්වා ගැනීම , අස්ථි පද්ධතියේ ශක්තිය රඳා පවත්වා ගැනීමට අවශ්‍ය කැල්සියම් නිසි ලෙස පවත්වා ගැනීම , රුදිරයේ සංයුතිය නිසි ලෙස පවත්වාගෙන යෑම , වැනි බොහෝ කාරණාවන් මෙන්ම තරුණ බව රදා පවත්වා ගැනීමට හේතු වන සමයේ ඝනත්වය පවත්වා ගැනීම හා ගුණාත්මක බව පවත්වා ගැනීමද මෙමගින් සිදුවේ .

මෙම ක්‍රියාවලිය නතර වීමත් සමගම ඊස්ට්‍රජන් නිෂ්පාදනය ඉතා අඩු මට්ටමකට පත්වේ . මෙම හෝමෝනය නිෂ්පාදනය නතර වීමත් සමගම ඉහතින් සඳහන් කළ සියලු කාර්යයන් ගැටලුවකට මැදි වේ. අන් සියල්ලටම වඩා බරපතළ ගැටළුවට බවට පත් වන්නේ අස්ථි පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට අවශ්‍ය තත්ත්වයන් බිඳවැටීමයි. අස්ථි දිරාපත් වීම, අස්ථි ඇද වීම, සම රැලි වැටීම , සන්ධි වේදනාව , මෙන්ම රුධිර රක්තහීනතා ස්වභාවයන් ද මේ හරහා නිර්මාණය වීම සිදුවෙයි. ශරිරයේ බර නිසිපරිදි පවත්වා ගත නොහැකි වෙයි .

ආර්ථවය නතර වීමත් සමගම ඉතා දිගු කාලීන පෝෂණ සැලැස්මක් හෝ ඖෂධ සැලැස්මක් ක්‍රියාත්මක නොකළහොත් එතනින් පසුව වේගවත්ව ශරීරය දිරාපත් වීම ඇරඹිඹෙයි .

එසේ නම් මෙතෙක් කල් ” මේ මල වදේ නවතිනවා නම් හොඳයි ” කියලා හිතු එකට වෙනුවට මැරෙන මොහොත දක්වාම මෙය තියෙනවනම් හොඳයි කියල හිතන්න …. නිරෝගීභාවයට හේතුවක් වේවි.

මෙම දින කිහිපය තුළ පිරිසුදුව ශරීරය පවත්වා ගත යුතු වුවත් හිස තෙමීම නොකළ යුතුය. එය ගර්භාෂගත බොහෝ රෝග වලට හේතු වේ .

ආර්ථවය දිගින් දිගටම පීඩාකාරී නම් දින ලංවන විට කොත්තමල්ලි g15-20 පමණ තලා වතුර වීදුරුවකට දමා රැයක් වසා තබා උදේට සීනි ටිකක් දමා බොන්න. එමගින් ඇතිවන ශාරීරික අපහසුතාව මඟ හැරේ.

සුදුඵෑණු තම්බා බීම හෝ පුළුස්සා උක් හකුරු කැබැල්ලක් සමඟ කෑම සුදුසුය.

කොල්ලු තම්බා හෝ ව්‍යාංජන ලෙස සකසා ආහාරයට ගන්න.\

අධිකව දින 3කට වඩා රුධිරය පිටවන විට එරබදු දළු පාවට්ටා දළු පොල් සමඟ කොටා මිරිකා පානය කිරීමෙන් රුධිර වහනය නවතී.

ඔසප් අක්‍රමිකතා සඳහා අශෝකාරිෂ්ඨය හා පුශ්‍යානුග චූර්ණයල ප‍්‍රසිද්ධ භාවිතා කරනු ලබයි .

( වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීම වඩා සුදුසුය )

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close