හෙළ නාමකරණය

හිතාගන්නත් බැරිතරම් ලෙඩ ගොඩක් නසන - කපුරු තෙල්


එදිනෙදා වැඩපොල කරද්දි අපේ ශරීරයේ අස්ථි හා පේශි වල විවිධ තාවකාලික වේදනාවන් ඇති වෙනවා . මේවට බොහෝ විට හේතු වෙන්නේ වැරැදි ඉරියව් . අපි සමහර වෙලාවට උලුක්කු කියලා කියන්නෙත් ඒ වගේම දේවල්….. ඊට අමතරව කුඩා ප්‍රමාණයේ පේෂිවල ඉරී යෑම් සිදුවෙනවා … මේවා වල දී ඇති වෙන වේදනාව තරමක් වැඩි වුණත් දින කිහිපයක් යද්දී ඉබේම සුව වෙලා යනවා . තාවකාලිකව ඇතිවෙන වේදනාව පාලනය කරගන්න බටහිර වෙදකම තුළ දෙවිට වේදනා නාශක ආලේප තියෙනවා . හිසරදයට එකක් , මස්පිඩු වල වේදනාවන්ට තවත් එකක් , පපුවේ කැක්කුමට තවත් එකක් , කොඳු ඇට පෙළේ වේදනාවන්ට තවත් එකක් සන්ධි වේදනාවන්ට තවත් එකක් ආදී ලෙසින් ශරීරයේ හැම තැනකටම වෙන වෙනම වේදනා නාශක වර්ග තියෙනවා .

පාරම්පරික ආයුර්වේද ක්‍රමවේද තුළ මේ හැමතැන ක්‍රමයෙන් මතුවෙන වේදනාවන්ට හොඳ තෙලක් තියෙනවා …. ඒ තමයි කපුරු තෙල් ….

කපුරු තෙල් කියලා කියන්නේ හෙල ප්‍රතිකාර ආයුර්වේද ප්‍රතිකාර මෙන්ම සිද්ධ ආයුර්වේද ප්‍රතිකාර වලත් නැතුවම බැරි දෙයක් .. ඒකට හේතුව තමයි , කපුරු තෙල් සතු ක්ෂණික වේදනා නාශක ගුණය … හන්දිපත් කැක්කුම වලට නැතුවම බැරි දෙයක් තමයි කපුරු තෙල්…..

ගමේ ගොඩේ වැඩ පළ කරද්දී අතේ කැක්කුම කකුල් වල කැක්කුමක් තුනටියේ වේදනාවක් ඇති වූ විට ක්ෂණික සහනය උදෙසා භාවිතා කළේ කපුරු තෙල්…

කපුරු තෙල් වේදනා නාශකයක් විතරක්ම නෙවෙයි . එය විවිධ රෝග සඳහා භාවිතා කරනු ලබනවා .

ශ්වසන රෝග, පෙනහළු වල දැවිල්ල, හෘදය ආශ්‍රිත වේදනාවන්, නින්ද සම්බන්ධයෙන් පවතින ආබාධ, මානසික අවපීඩනය, නුරුස්සන ස්වභාවය පාලනය කිරීම , කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව , ආතරයිටිස් මුල්කරගත් වේදනාවන් , වැනි බොහෝ රෝග උදෙසා මෙය භාවිතා කළ හැකි වේ .

කපුරු තෙල් වල ඇති විශේෂම කාරණය වනුයේ මෙහි ඇති ප්‍රසන්න සුවදයි . මෙම සුවඳ මගින් රෝගීන් ගේ මනස යහපත් භාවයට පත් කිරීම හරහා රෝග ප්‍රශමණය වීම ( සුවවීම ) බොහෝ විට සිදුවේ. එයට හේතු වනුයේ කපුරු ශ්වසන උත්තේජන ද්‍රව්‍යයක් වීමයි . එසේම කපුරු මගින් මධ්‍ය ස්නායු පද්ධතිය උත්තේජනය වීම ද සිදුවේ . කපුරු සුවඳ මගින් මොලයේ රුධිර සංසරණය වේගවත් කිරීම හා ක්‍රමාණුකූල කිරීම ද සිදු කරනු ලබයි . ස්නායු දුර්වලතා වගේම මානසික ආතතිය තියෙන අයටත් ඒ නිසාම මෙය ගොඩක් හොදයි .

දීර්ඝ කාලීනව පවතින නින්ද නොයෑම සඳහා නින්දට මද වේලාවකට පෙර කපුරු තෙල් ස්වල්පයක් හොඳින් ආග්‍රහණය කිරීම තුළින් යහපත් නින්දක් ඇතිවෙයි .

කපුරු තෙල් බාහිර ආලේප උදෙසා පමණක් භාවිතා කළ යුතු අතර එය කිසිදු විටක ශරීරය අභ්‍යන්තරය උදෙසා භාවිතා නොකළ යුතුය . එසේම ස්වභාවික කපුරු තෙල් පමණක් මෙම ගුණයන්ගෙන් යුතු වන අතර වෙළඳපොලේ බොහෝ විට ඇත්තේ කෘතිමව නිෂ්පාදනය කරනු ලබන කපුරු තෙල් හා විස රසායන අඩංගු ඒවාය.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x