හෙළ නාමකරණය

ඔලුවවට ගිණි තියන ඉරුවාරදය හෙවත් Migraine

සුශ්‍රැත සංහිතාවේ සදහන් ශිරෝ රෝග අතරින් වඩාත්ම මිනිසුන්ව පීඩාවට පත්කරන රෝගයක් ලෙස හැඳින්විය හැක්කේ ඉරුවාරදය යි.

මෙම රෝගයේ අවස්ථා දෙකකි. හිරු උදාවේ සිට මද්දහන දක්වා හිසරදය වර්ධනය වී හිරු අවරට යෑමත් සමඟ අඩුව යන ස්වභාවයද , තවත් පිරිසකට හිරු බැස යාමත් සමග ඇරැඹී මැදියම දක්වා වැඩිවී අඩු වන තත්වයක් ද යනු වෙනි.

ඉරුවාරදය තුළදී හිසේ එක් පාර්ශවයක් හෝ හිසේ දෙපසම හෝ එසේත් නොමැති නම් හිස පුරා වේදනාව ගමන් කරන ස්වභාවයන් ඇතිවේ . එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන තත්වයකි . යම් අවස්ථාවන් වලදී හිසරදය උපරිම වූ විට වමනය දක්වාම ය වර්ධන වන අතර වමනයෙන් පසු රෝගියාට යම් සහනයක් ඇති වේ . ඉරුවාරදය සහිත පුද්ගලයාට පරිසරයෙ අධික ආලෝකය අධික ශබ්දය දරා ගැනීමේ නොහැකියාව පවතී . එවන්න අවස්ථාවන්වලදී ද ඔහුනගේ හිසරදයේ මතු වීම සිදු වේ.

ඉරුවාරදය යනු බොහෝ විට පිත අධික වීම මත ඇතිවන රෝගී තත්ත්වයකි . පිත අධික වීම උදෙසා බලපානු ලබන උශ්නාදික ආහාර වර්ග භාවිතය , මත්පැන් භාවිතය , අඩු නින්ද , මානසික පීඩනය , ආහාර වේල් අතර නිසි පරතරයක් පවත්වා නොගැනීම , ජලය අඩුවෙන් භාවිතා කිරීම වැනි තත්ත්වයන් හේතු වේ . තරුණියන්ට ඉරුවාරදය වැළඳීමට බොහෝවිට හේතුවන්නේ ඔහුනගේ ආර්ථව චක්‍රයේ පවතින විෂමතාවයන් ය.

කැෆේන් අධික ආහාර හෝ බීම ඉරුවාරදයට ඉතා අගුණය. මෙයට අමතරව චොක්ලට් චිස් අලිගැටපේර කෝපි වැනි දෑ අගුණ වේ . යම් සුවද විලවුන් වර්ග මෙන්ම දුරකථනය අධික ලෙස භාවිතය ද මෙය වර්ධනය වීමට හේතුවකි.

තල අඩංගු ආහාර ඉරුවාරදය සමනය කිරීම උදෙසා ඉතා ප්‍රශස්ත ය .

ඉරුවාරදය පාලනය කරගත හැකි ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. වඩාම සුදුසු දේ තමයි වෛද්‍යවරයෙකුට පෙන්නලා නිසි ප්‍රතිකාරයක් ලබා ගැනීම. පාරම්පරික හෙල වෙදකම තුළින් නිට්ටාවටම සුව කරන්න පුළුවන් රෝගයක් විදිහට තමයි ඉරුවාරදය දක්වලා තියෙන්නේ.

කොහොම උනත් ග මෙන්න මේ වගේ ප්‍රතිකාර ගෙදරදි කරගන්න පුළුවන් …..

• සියඹලා කොළ හොදින් කොටලා ජලයෙන් ලගදි ගොඩට ගත් තිරිවාණා ගල් කුඩුකරලා සියඹලා කොළ එක්ක හොඳින් අනන්න . ඊට පස්සේ ඒක පොට්ටනියක් විදියට රෙදි කෑල්ලක බැඳලා පොට්ටනිය කබලේ රත් කරගෙන නළල හොඳින් තවන්න.

• අනිත් ලේසියෙන් කරන්න පුළුවන් දේ තමයි කටුවැල්බටු කලං 12ක් අරගෙන පත අට එකට සිඳවලා උදේට පත භාගයයි හවසට පත භාගයයි බොන්න.

• ප්‍රධානම දේ තමයි අරමුල කියපු සැර ජාතික ආහාර භාවිතය නතර කිරීම.

• දවසට අවම දෙවරක් ( තෙවරක් නම් ගොඩක් හොඳයි ) වියළීමකින් තොරව මලපහ කිරිය යුතුයි. එසේ නොවනවානම් දීර්ඝ කාලයක් පහසු විරේකයක් රාත්‍රියට භාවිතා කරන්න.

• ඉරුවාරදය ඇති වෙච්ච වෙලාවට ඉක්මනින්ම අඩු කරගන්න භාවිතා කරන්න පුලුවන් දෙයක් තමයි සර්වවිෂාදි තෛලය හිස ගැල්වීම ( මේක දිගිනි දිගට දාන්න එපා . කොණ්ඩය යන්න ඉඩ තියෙනවා)

• අනිත් එක තමයි බෙලි කොළ පාවට්ටා කොළ එක සමාන ප්‍රමාණයෙන් අරගෙන හොඳින් කුඩු කරලා පොල්කටු අඟුරු දල්වල ඒකට දාල දුම් ඇල්ලීම. මෙතනදී දුම් ඇල්ලීම කියන එකේ දි නහයට දුම් ඉරීමක් තමයි කරන්න ඕන

• මේ කොළ කුඩු-කුඩු කරනකොට ටිකක් වියලි ගතියට තියෙනවා නම් ගොඩක් හොඳයි.

• ඔළිඳ කොළ මිරිකා ඉෂ්ම ගෙන දෙහි ඇඹුල් ඉෂ්ම සමඟ කකාරා නලලේ ගාන්න. ( සමහර වෙද පොත් වල මෙය තල්ලේ ගහන්නත් කියලා කියනවා )

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close