හෙළ නාමකරණය

රුධිරය විස කරන රක්තවාතය

ගොඩක් අය නොදන්න දෙයක් තමයි ආතරයිටිස් වල ප්‍රභේද සීයකටත් වඩා තියෙන බව … රක්තවාතය කියලා කියන්නෙත් ආතරයිටිස් බවට පත්වන දරුණු ප්‍රභේදයක් …..

ඒක බොහොම කුඩා පීඩාවක් නිර්මාණය කරන තත්වයක සිට සමස්ත ශරීරයම බිඳ දමන අවස්ථාව දක්වා පැතිරුණු රෝගී තත්වයන්…. මෙහි මූලිකම පීඩාකාරී තත්ත්වය ආරම්භ වන්නේ කකුලේ මහපට ඇඟිලි වලින්… සන්ධි කොටස් ඉදිමීම රත් පැහැ ගැන්වීම හා ඉදිකටු වලින් අනින්නාක් මෙන් අධික වේදනා ඇති වීම මෙමගින් සිදු වෙනවා ….. රාත්‍රී කාලයේදී මෙම වේදනාව අධික වේ .

බොහෝ වෙලාවට මේ හරහා වේදනාව ඇති වුණු විට කරන්නේ වේදනාව ඇති වෙන සන්ධියට තෙල් සාත්තුව හෝ වෙනත් ආලේපනයක් භාවිතා කිරීම . නමුත් එය ප්‍රමාණවත් නැහැ .

රක්තවාතය වකුගඩු ආසාදන හා සම්බන්ධව ක්‍රියාත්මක වන තත්වයක් . වකුගඩු හරහා යූරික් අම්ලය නිසි පරිදි පෙරි නොයාම මත එම අම්ලය රුධිරය හා එක්වීමත් ඉන්පසු ඒවා ස්ඵටික බවට පත්කර අස්ථි දෙකක් අතර ඇති හිඩැස් වල තැන්පත් කිරීමත් සිදු වෙනවා .

මෙය මාපට ඇඟිල්ලෙන් ආරම්භ වී ශරීරය පුරාම පැතිරෙන රෝගයකි . මුලින්ම නැති වෙන්නේ ශරීරයේ පහල කොටස්වල ප්‍රථමයෙන්ම මෙහිදී වෛද්‍යවරයා විසින් අවබෝධ කරගත යුත්තේ රුධිරයෙහි ඇති යුරික් අම්ල ප්‍රථිශතයයි.

රුධිරය තුළ යුරික් අම්ලයේ වැඩිවීම ඉක්මනින්ම පාලනය කළ යුතු අතර ඉන්පසුව තමන්ගේ ජීවන රටාවේ පවතින යම් වැරදි සහගත ස්වභාවයන් පාලනය කළ යුතුයි . ආහාර රටාවන් , ජලය අඩුවෙන් පානය කිරීම මෙන්ම ප්‍රධානම ගැටලුව බවට පත්වන්නේ බියර් හා මත්පැන් පානයයි . පැනඩෝල් වැනි වේදනා නාශක වැඩිපුර භාවිතය හරහාත් මේ තත්ත්වය ඇති වෙනවා. ඒ නිසා අනවශ්‍ය ආකාරයෙන් වේදනා නාශක භාවිතා නොකළ යුතුයි .

රක්තවාතය ඇති රෝගීන් මස් වල තද රතු පැහැ කොටස් ආහාරයට නොගත යුතුය . මුහුදු මාළු වර්ග බොහෝවිට නුසුදුසු වේ . සීනි සහිත පලතුරු යුෂ පානය නුසුදුසු ය . ඊස්ට් වර්ග අඩංගු ආහාර හා පාන වර්ග . පිරිසුදු කළ පිටි වර්ග වලින් තනන ලද ආහාර භාවිත නොකළ යුතුය. ( සුදු පාන් පිටි )

රක්ත වාතය හරහා පීඩා විඳින රෝගියෙකුට සුදුසු ආහාර වර්ග. සියලුම පලතුරු , අර්තාපල්, කඩල, හතු වම්බටු සහ තද කොළ පැහැති කොළ එළවළු. පරිප්පු, බෝංචි, සෝයා සහ ටෝෆු ඇතුළු සියලුම රනිල කුලයට අයත් බෝග , සියලුම ඇට වර්ග බීජ ,සහල් සහ බාර්ලි , සියලුම කිරි නිෂ්පාදන .

රක්තවාතයට නිසි පරිදි ප්‍රතිකාර නොලැබීම තුලින් කොලොස්ටරෝල් , අධිරුධිරපීඩනය, විවිධ ශීර්ෂරෝග, ඉරුවාරදය, අක්ෂි රෝග, අංශභාගය , ඔස්ටියෝආතරයිටීස් ආදිය ඇතිවීම සිදුවේ.

රක්තවාතය උදෙසා ප්‍රතිකාර වලට අමතරව නෙල්ලි, රසකිද, එඩරු මුල් හා වේලිච්ච ඉගුරු සම ප්‍රමාණයෙන් ගෙන පත අට එකට සිඳවා උදේ හවස පානය කිරීම වඩා සුදුසු වේ .

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x