තරු වළල්ල

මනසේ ගැඹුරින් උපදින විශ්ව පිලියම්


ආශ‍්‍රමයට පැමිණෙන අයට තමන්ගේ ගැටලූ පාලනය කරගන්න ලැබෙන පිලියම් ටිකක් වෙනස් බව ඒ පිලිබදව අත්දැකීම් තියෙන අය දන්නවා.

පරම්පරා ගණනක් තිස්සේ විවිධ ක‍්‍රම වේද තුළින් ඉවත් කරගන්න බැරි වුණ කොඩිවිණයක් නැකතකට කලූගල් කැබැල්ල්ක් ගහක අත්තක් කඩලා ඉවත් කරගත්ත අයටනම් මෙය පිලිබදව අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ.

මොනවද මේ විශ්ව පිලියම් කියන්නේ …?

ඒ පිලිබදව ලංකාවේ මිනිසුන්ට වගේම ශාස්ත‍්‍රවේදින්ටවත් දැණුමක් නෑ. නමුත් එය ප‍්‍රයෝගික ක‍්‍රමවේදයක්…

කලියුගයේ සියල්ල පාලනය කරන්නේ පංච තත්වය විසින් බව ඕනේම අයෙක් දන්න කරුණක්. ආපෝ තේජෝ වායෝ පඨවි හා ආකාශ කියන තත්වයන්ම තමයි පංච භූතයෝ කියා කියන්නෙත්….

පංච තත්වය තුලින් ඇතිවුණ හැම දෙයකම යම් රටාවක් පවතිනවා. ඒ කියන්නේ එක් තත්වයක් තුළින් අනෙක පාලනය වෙනවා වගේම විනාස වෙනවා. යම් නිවසකට කොඩිවිණයක් කලාම සිදුවන්නේ මෙන්න මේ රටාවේ සමතුළිත බව බිදවැටීමයි.

විශ්ව පිලියමක් කියලා කියන්නේ මේ බිදවැටුණු රටාව නැවත් යථා තත්වයට පත් කිරීමයි.

මෙය තේරෙන විදියකට කිව්වොත් වඩා හොදින් පැහැදිලි වේවි.

අපි බුදුන් වදිනවා. ඒ තුළින් බලා පොරොත්තු වෙන්නේ නිර්වාණයම පමණයි කිව්වොත් එය අතිශෝක්තියක් … නමුත් ඇයි අපි බුදු රජානන් වහන්සේට මල් පහන් සුවද දුම් ආහාර හා ජලය පුජා කරන්නේ කියලා දන්නේ නෑ.

අග්නි තත්වය ජ්‍යොතියෙන් ද ( ආලෝකය )
පඨවි තත්වය නෛවද්‍යයෙන් ද ( ආහාර )
ජල තත්වය චරනාමිරිතයෙන් ද (ජලය )
වායු තත්වය ධුමයෙන් ද ( සුවද දුම් )
ආකාශ තත්වය පුෂ්පයෙන් ද ( මල් )

පාලනය කල හැකි බව වෛදිකයා දැන සිටියා .

සොබාදහමේ විද්‍යාව උපදින්නේ එතනින්…. විශ්ව පිලියම් උපදින්නේ එතනින්…..

ටිකක් හිතන්න යම් නිවසක වායු තත්වය ඉවත් කරමින් කෙරුණු හුනියමක් තියෙනවා කියලා. එය මනසේ ගැඹුරින් අවබෝධ කරගත්තොත් මුලින්ම කරන්න ඔනේ ඒ පරිසරය කම්පනයකට ලක්කිරීමයි. සිංහලෙන් කිව්වම නොතේරෙනවන්ම් මේකට රී ෆේෂ් කිරීම කියලා කිව්වත් කමක් නෑ. ඊට පස්සේ ධුම නැත්තම් දුම් ටිකක් ඇල්ලූවම තත්වය පාලනය වෙනවා.

මලයාලම් කැපිල්ල කරපු අය දන්නවා යම් රටාවකට වතුර වර්ග කිහිපයක් භූමියට ඉසිමෙන් කපන්න බෑ කියලා අතහැරපු හුනියම් කැපෙන බව…. ඒ කියන්නේ යම් ගුප්ත ක‍්‍රමයකින් ජල තත්වය පාලනය කරාම වේගයෙන් ලෙඩ රෝග හරහා පිඩා ඇති වෙනවා. නිවසේ ආවේග වැඩි වෙනවා….. එයට ජලයෙන්ම විසදුම් යොදන්නත් පුලූවන්…

විශ්ව පිලියම් කියන්නේ තොවිල් පවිල් මැතිරීම් නැතිව තමන්ටම කරගන්න පුල්වන් ක‍්‍රමයක්. ඒ කියන්නේ විශ්ව පිලියම් වලට මුදල් වියදම් වෙන්නේ නෑ කියන එකයි….

මේ සියලූ තත්වයන් පාලනය කර ගැනීම උදෙසා කාලය යන්න ඉතා වැදගත් කරුණක්… වෛදකයාට අනුව කාලය වන්න හැදුන්වුයේ යම ධර්ම රාජ යනුවෙනි. යම් දෙයක් පැවැත්ම හා විනාශ වීම රදා පවතින්නේ කාලය යන සංකල්පය මතය. එබැවින් පංච තත්වය පාලනය කිරීම උදෙසා කාලය ඉතා වැදගත් වෙයි.

කාලයේ පුරුෂ සොභාවය යම ධර්මරාජ ලෙසත් ස්ත‍්‍රී සොභාවය කාලී ලෙසත් ඒ තුළ දිගින් දිගටම සිදුවන ඇතිවීම හා නැතිවීම නටරාජ් ලෙසත් සරලව අවබෝධ කොට ගත හැක.

කාලය නම් දෙයා කාරය. පලමු වැන්න නම් හිරුගෙන් බිහිවන රුය දහවල ආදිය අදාල නොවන අදුරු විශ්වයේ ක‍්‍රීයාවලිය සිදුවන මහා කාලයයි. දෙවන්න හිරු උදාවෙන් ආරම්භවන දිනයේත් හිරු බැසීමෙන් ආරම්භ වන රාත‍්‍රීයත් අතරට මැදිවු ස්වාභාව ධර්මයේ ක‍්‍රීයාකාරීත්වය සිදුවන යම ධර්ම රාජට අයත් යම කාලයයි.

පංච තත්වය හා කාලය එකට ගැටගැසීම විශ්ව පිලියම් නම් වෙයි. මෙය අවබෝධ කරගැනීම කලයුත්තේ පරමාත්මිය වු මනසකිනි. මනසේ ගැඹුරු බව කල නොහැක්කක් නොමැත . සොබාදහම කියන්නේ වෛදිකය. වෛදිකය තේරුම් ගත්තොත් සොබාදහමත් දැනෙන්න පටන් ගනීවි.

හැම ආගමකම මුලය වෛදිකය බව තේරුම් ගන්න අය තේරුම් ගනිවී .. මේ ක‍්‍රමවේද මිත්‍යාදෘෂ්ඨිකයි කියලා කියන්නේ මේ ගැඹුරු හරය නොදන්න කමට…

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

5 3 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x